රික්ටර් මාපක 7ක භූ කම්පනයක් සිදුවෙයි

ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර පෙරයි උතුරු මුහුදේ දී මෙම භූ කම්පනය සිදුව ඇත්තේ.

එය රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාව කිලෝමීටර් 632 ක ගැඹුරු ප්‍රදේශයකින් ඇති ව තිබෙන අතර එය විනාඩි 20කට පමණ පසුව යළිත් රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයෙන් පසු කම්පන තත්ත්වයක් ද හටගෙන තිබෙන බවයි Cණැ පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙම භූ කම්පනය සුරබයා, ටුබන්, සේමරන්ග් සහ බාලිගේ ඩෙන්පසාර් යන නාගරික මධ්‍යස්ථානවලට දැනී ඇති බවත් වාර්තා වනවා.

නමුත් මෙම භූ කම්පනයෙන් ඉන්දුනීසියාවට සුනාමි අවධානමක් නොමැති බවට එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළා.
තවමත් මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි ගැන වාර්තා වී නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *