ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක්

ලංගම බස්

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාරවිල පොලිසිය සඳහන් කළේ, හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය ඊයේ රාත්‍රියේ එල්ල වී ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් හදුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *