මාලදිවයින් මහ කොමසාරිස් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

මෙරට මාලදිවයින් මහ කොමසාරිස් අලි ෆායිස් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර හමුවක් ඊයේ (12) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවුණා.

මෙහි දී ද්විපාර්ශ්වික වශයෙන් දෙරටට වැදගත් ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

මාලදිවයින සෑමවිටම ශ්‍රී ලංකාවට මිත්‍ර රාජ්‍යයක් බවත්, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී සිය රාජ්‍යයේ උපරිම සහයෝගය ලබා දෙන බවත් මහ කොමසාරිස්වරයා එහි දී සඳහන් කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *