උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හමුවේ ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි පදිංචිකරුවන්ට වෙනත් ස්ථානයකට යන ලෙසයි එරට බලධාරීන් දැනුම් දී ඇත්තේ.
හදිසි අනතුරු ඇගවීමේ පද්ධතිය මගින් මිසයිලයක් දිවයින ආසන්නයට වැටෙනු ඇති බවට වැරදි අනාවැකි පළ කිරීමත් සමඟ බලධාරීන් මෙම දැනුම්දීම කරුණු ලැබුවා.
කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි දකුණු කොරියාව ප්‍රකාශ කළේ.