විශේෂ බස් සේවා අදත් ක්‍රියාත්මකයි

බස් සේවා

බස් සේවා

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බවත්, මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා විසින් පවසනවා.

ඒ අනුව අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවා අද දිනයේත් ධාවනයට යෙදවීම ලංකා ගමනාගමන මණ්ඩලය ද සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක සවර්ණහංස සඳහන් කළා.

සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13වන දා දක්වා ක්‍රියාත්මක වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *