වැඩිමිලට විකිණීමට තිබූ බිත්තර 15,000ක් මරදානෙන් සොයා ගැනේ

පාලන මිල ඉක්මවා අලෙවි කිරීමට සුදානම් කර තිබු බිත්තර 15,000ක් මරදාන මරියකඩේ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි අද මෙම වැටලීම සිදුකර ඇත්තේ.
පසුව රජය විසින් පනවා ඇති රුපියල් 44ක පාලන මිලට අදාල බිත්තර තොගය පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට වැටලීම සිදුකල නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.