අයර්ලන්තයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කෙරේ

අයර්ලන්තය සමග ලබන 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද නම් කෙරුණා.
15 දෙනෙකුගෙන් යුත් එහි නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර, දුෂාන් හේමන්ත සහ මිලාන් රත්නායක සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.
මීට අමතරව, සදීර සමරවික්‍රම, නිෂාන් මදුෂ්ක, කවිදු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද නම් කළ සංචිතයට ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *