OnmaxDT ඇතුළු පිරමීඩ ක්‍රම 3කට අපරාධ චෝදනා?

පිරමීඩ ක්‍රම

1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී තිබෙනවා.

ඒ අනුව ආයතනය තුනක ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බැංකුව මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු බව යි වාර්තා වන්නේ.

එම ආයතනය තුන විසින්, ඉහත සඳහන් කළ වගන්තිය උල්ලංඝනය කර ඇති ද යන්න විමර්ශනය කිරීම එහි අරමුණ වී තිබුණු බව සඳහන්.

ඒ අනුව,

Fast 3Cycle International (Pvt)Ltd(F3C)
Sport Chain App,Sports Chain ZS Society Sri Lanka
OnmaxDT යන ආයතනය අරභයා ඉහත විමර්ශනය සිදු වී තිබෙනවා.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, ඉහත සඳහන් ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බව යි.

ඒ අනුව බැංකු පනතේ 83ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස ඉහත විමර්ශන ප්‍රතිඵල නීතිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *