IMF ණයට විධායක කමිටු අනුමැතිය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2. 9ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (21) උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දෙනු ඇති.
අදාළ මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකී එක්වන බව සඳහන්.
මෙම අනුමැතියත් සමඟ ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත මෙම තීරණයක් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල වසර 4 ක් තුළ ලංකාවට ලැබීමට නියමිත අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 390 ක් මේ මස අගදී ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.