ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

ටෙස්ට් තරගය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (20) යි.

මේ වනවිට වෙලිංග්ටන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 279ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සයවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ ධනංජය සිල්වා සමගින් නිශාන් මධුෂ්ක යි.

ධනංජය සිල්වා අද දිනයේ දී සිය ටෙස්ට් දිවියේ 10 වැනි අර්ධ ශතකය රැස්කර ගැනීමට සමත් වුණා.

මේ වනවිට ධනංජය සිල්වා ලකුණු 77ක් රැස්කරගෙන සිටින්නේ, හතරේ පහර 08කුත් එක් හයේ පහරක් ද සමගින්.

දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක රැස් කරගැනීමට සමත් වුණා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 137ක් පසුපසින් සිටිනවා.

සත්කාරක නවසීලන්ත පළමු ඉනිම ලකුණු 580ක් තිබියදී අත් හිටවූ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164ක් වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *