වී ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලේ.

වී

ලක්ෂ 12 ක් වන මෙරට සියලු වී ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙලෙස මඩ පොහොර ගොවීන්ට ලබා දෙන්නේ, වගා කන්න තුනකට පසුව වීම විශේෂත්වයක්.

පළමු මඩපොහොර තොගය අද උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරෙන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,537 ක්.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.එයිඩ් ආයතනයේ දායකත්වයෙන් ආනයනය කරන ලද ටොන් 36,000 ක මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීම ඊයේ සිදුකෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *