වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 03 දෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට

කොළඹ – වරාය නගරයේ පැවැත්වූ සාදයක් අතරතුර තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 18 වැනිදා අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ පෙම්වතිය මීට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වුණා.

අදාළ සාදයේ දී සැකකරු මීට පෙර පෙම් සබඳතාව පැවත්වූ තරුණිය ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටිනු දැක තිබෙනවා.

එම අවස්ථාවේ , කෝපයට පත්ව ඔහු මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් පහරදීම සඳහා සහය වී ඇති අතර පහරකෑමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණයා එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

පහර දීම සිදුකළ සැකකරු කොළඹ – වරාය පොලිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *