බිත්තර හිඟය

රට තුළ මේ වනවිට නිෂ්පාදනය වන්නේ බිත්තර ඉල්ලුමෙන් සියයට 30ක් පමණක් බව සමස්ත ලංකා සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පවසනවා.

එහි ජ්‍යේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මේ බව කියා සිටියේ මහනුවර දී අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම රජය වී සඳහා පැනවූ සහතික මිලේ වාසිය ලබාගෙන ඇත්තේ මහ පරිමාණ වී මෝල් හිමියන් පමණක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් පවසනවා.

මහ පරිමාණ වී මෝල් හිමියන් සහතික මිලටත් වඩා අඩුවෙන් වී තොග මිල දී ගැනීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *