පූනගල නායයෑමෙන් නිවාස විස්සකට අර්ධ හානි

බණ්ඩාරවෙල – පූනගල වතුයායේ සිදුවූ නායයෑමෙන් නිවාස විස්සකට අර්ධ හානි සහ තවත් නිවාස 3ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නායයෑම හේතුවෙන් නිවාස 23ක පවුල් 62ක් ඉන් ඉවත් කළ බවයි.

මුදාගත් 220 දෙනෙකු පූනගල පාසලේ රඳවා සිටිනවා.

එමෙන්ම ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් දැනට වසා දමා ඇති 18 වංගුව මාර්ගය අද (20) උදෑසන අධ්‍යයනයකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ස්ථානය නිරීක්ෂණය කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළා.

ගල් පෙරළීමේ අවදානම සහිත ප්‍රදේශය නැරඹීමට යාමෙන් වළකින ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *