දෙදින නිල සංචාරයකට ජපාන අගමැති ඉන්දියාවට

ෆුමියෝ කිෂිඩා

නිල සංචාරයක් සඳහා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

අද (20) පෙරවරුවේ නවදිල්ලි ගුවන්තොටුපල වෙත ලඟාවූ ජපාන අග්‍රාමාත්‍යවරයා දින දෙකක් එරට රැදී සිටීමට නියමිතයි.

ජපාන අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට ද සැළසුම්කර ඇති අතර ජපානයේ ඉන්දු පැසිෆික් කලාපීය උපායමාර්ග සහ නව ආරක්ෂක විධික්‍රම පිළිබද එහිදී සාකච්ඡා කෙරුණු ඇති.

එමෙන්ම දෙරටේ අග්‍රාමාත්‍යවරුන් නවදිල්ලියේ බුද්ධජයන්ති උද්‍යානයේ පිහිටි එෛතිහාසික බාල් බෝධි වෘක්ෂය නැරඹීමට ද සැළසුම්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *