දිමුත් නායකත්වයට සමුදෙයි

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා.

තමාගේ ඉවත් වීම සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බවයි දිමුත් නිවේදනය කර ඇත්තේ.

තමන් නායකත්වය දරන අවසන් ටෙස්ට් තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය බව ද හෙතෙම වැඩිදුරටත් දන්වා තිබෙනවා.

අද (20) දිනයේ දී නිමාවට පත් වූ නවසීලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය දිමුත්ගේ නායකත්වය යටතේ තරග වැදුණ ද එය තරග 2-0ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

මෙම පරාජයෙන් පසුවයි දිමුත් සිය නායකත්ව වගකීමෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන තීන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැනුම්දී ඇත්තේ.

යනු 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් තරගයක් තුළ දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නායි.

බංග්ලාදේශයට එරෙහිව එම ලකුණු ලබාගත් අතර පන්දු 437ක දී එම ලකුණු සංඛ්‍යාව 244ක් ලෙස ඔහු ඉදිරියෙන් ලියැවුණා.

පසුගිය වසරවල දී පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය පුරාවට ම දිමුත් අසාර්ථක වුව ද, ඔහු දිගින් දිගටම ලකුණු අතරට පිවිසීමේ උත්සාහයක නිරත වූ බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

දිම්මාගේ ටෙස්ට් ශතක සංඛ්‍යාව 14ක් වන අතර එම ශතක 14න් වැඩි ප්‍රමාණයක් ම ලකුණු 150 පසු කර අවසන් කිරීමට ඔහු දක්ෂ වී තිබීම ද විශේෂත්වයක්.

වමත් පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 26කට මුහුණ දී තිබෙනවා.

එම තරග 26න් තරග 10ක් ජයග්‍රහණය කර ඇති අතර, තරග 09ක් පරාජයට පත්වුණා.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ගණන 07ක්.

අර්ධ ශතක 34ක් ද දිම්මා නමින් ලියැවී ඇති අතර ටෙස්ට් දිවිය පුරා ඔහුගේ පිත්තෙන් හතරේ සීමාව වැළඳගත් හතරේ පහරවල් ගණන 649ක් වන අතර ඔහු නමින් එසවුණු හයේ පහර 9ක් ද මෙම දක්ෂයා ඉදිරියෙන් ලියැවී තිබෙනවා.

ටෙස්ට් තරග 84ක දී ඉනිම් 162ක් ක්‍රීඩා කරමින් දිමුත් ටෙස්ට් ලකුණු 6230ක් රැස්කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කර ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඔහු ද එක් වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *