අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේයි.
එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බව පෙන්වා දුන්නා.
මෙම අගල් කැපීම නිසා කුඩා සතුන්ට, ශාඛවලට මෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට ද දැඩි හානි සිදු වන බවයි නීතිඥවරයා සඳහන් කළේ.
මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සැප්තැම්බර් මස 22 වැනිදා පෙත්සම විභාගයට ගැනීමටයි නියෝග කළේ.