අර්බුද මැද පාකිස්ථාන ජනතාවට ඉන්ධන සහනාධාර

උග්‍ර ආර්ථික අර්බුදයකට හා ඉහළ උද්ධමනයකට මුහුණ දී සිටින පකිස්තානය අඩු ආදායම්ලභීන් වෙත ඉන්ධන සහනාධාරයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
එරට අගමැති ෂබ්හාස් ෂරීෆ් නිවේදනය කර ඇත්තේ යතුරුපැදි, රික්ෂෝ සහ සීසී 800 ධාරිතාවයෙන් යුතු මෝටර් රථ ඇතුළු කුඩා වාහන හිමියන් සඳහා මෙම සහනාධාරය ලබාදෙන බවයි.
ඒ අනුව ඔවුන්ට රුපියල් 273ක් ලෙස දැනට පවතින පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 50ක සහනාධාරයක් හිමිවනු ඇති.
මෙම සහනාධාරය ලබාදීම සදහා වන පිරිවැය සම්පාදනය කර ගැනීම සදහා මිල අධික සුඛෝපභෝගී වාහන පරිහරණය කරන්නන්ගෙන් පැට්රල් ලීටරයක් සදහා රුපියල් 15ක අතිරේක මුදලක් අයකරගැනීමේ සූදානමක් ද පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.