පාසල් වසා තැබීමෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දරුණු පසුබෑමක

කොවිඩ් සමයේදී පාසල් වසා තැබීමෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
තුන්වන ශ්‍රේණියේ දරුවන් යොදා සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගැනීමට 90%ක සිසු පිරිසකට නොහැකි වී ඇති බවයි.
පසුගිය කොවිඩ් කාල වකවානුවේ පාසල් වසා තැබීම තුළින් දරුවන්ට සිදුවී ඇති අධ්‍යාපන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදුකර තිබෙනවා.
ඒ, 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාල පරාසය තුළයි.
මෙම සංගණනයට 3වන ශ්‍රේණියේ දරුවන් නියැදියක් ලෙස 10,000ක පමණ ප්‍රමාණයක් යොදා ගෙන තිබෙනවා.
සවන්දීම, කථනය, කියවීම, ලිවීම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මෙම සංගණනය සිදුකර තිබෙනවා.
එමගින් අනාවරණ වී ඇත්තේ සියයට 90ක පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳව දැනුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.
සවන්දීමේ ප්‍රවණතාව නොමැති ප්‍රතිශතය සියයට 73ක්.
කථන කුසලතාවය අසමත් ප්‍රතිශතය සියයට 80ක්.
කියවීමේ කුසලතාව සාක්ෂාත් කර නොගත් ප්‍රතිශතය 63%ක් වන අතර ලිවීමේ හැකියාව නොමැති ප්‍රතිශතය 66%ක්