නිශාන් මධුශ්කට ටෙස්ට් වරම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර නවසීලන්තයේ වෙලිංටන් හි Basin Reserve ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින් ම පන්දු යැවීමට තීරණය කළා.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් වශයෙන් නවසීලන්තය පෙරමුණේ සිටිනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුශ්ක ටෙස්ට් වරම් දිනා ගත් අතර පෙර තරගයේ කඩුළු රකින්නා ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ලව විවේක ගන්වා තිබෙනවා.