කොලොම්බියාවේ පතල්වල පිපිරීමෙන් මිය ගණන 21 ඉක්මවයි

ඉකුත් අඟහරුවාදා (14) මධ්‍යම කොලොම්බියාවේ ගල් අඟුරු ආකර කිහිපයක වායු පීඩනයන් නිසා ඇති වූ පිපිරීමකින් අතුරුදහන් වූ පතල් කම්කරුවන් දස දෙනෙකු මිය ගොස් ඇති බව සොයාගෙන තිබෙනවා.
කොලොම්බියානු බලධාරින් පවසන්නේ එම මරණ දහයත් සමග අදාල අනතුරින් වාර්තා වූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව යි.
ඒ සම්බන්ධයෙන් කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළේ, “ගලවා ගැනීමේ කණ්ඩායම්වල සියලු උත්සාහයන් නොතකා, අවාසනාවන්ත ලෙස 21 දෙනෙකුට සුටාටවුසා හි ඛේදජනක අනතුරෙන් ජීවිත අහිමි වූ බව මට ආණ්ඩුකාර නිකොලස් ගාර්සියා වාර්තා කළා.” යනුවෙන්.
ඛේදවාචකය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති පෙට්‍රෝ වැඩිදුරටත් පැවසුවේ, සිදු වූ සෑම මරණයක් ම අදාල පතල් අයත් සමාගම්වල පමණක් නොව නොව සමාජයේ සහ රජයේ අසාර්ථක වීමක් බවයි.
එබැවින් රටේ ප්‍රධානතම අපනයනය බවට පත්ව ඇති තෙල් සහ ගල් අඟුරුවලින් පුනර්ජනනීය බලශක්තිය දෙසට විතැන් කරන බව ද ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වුණා.
වාර්තාවලට අනුව පසුගිය වසරේ කොලොම්බියාවේ පතල්වල අනතුරු 117ක් සිදුවී ඇති අතර 146 දෙනෙකු මිය ගිය ගොස් තිබෙනවා.
මෑතකාලීනව සිදු වූ මාරාන්තිකම අනතුර වූයේ 2010 ජුනි මාසයේ දී කොලොම්බියාවේ වයඹ දෙස පතලක් පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකු මිය යාමයි.