මැතිවරණ කොමිසම මුදල් ඉල්ලූ ලිපියට ප්‍රතිචාරයක් නෑ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.
පසුගිය 12 වැනි දා ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයා වෙත යළිත් ලිපියක් යොමු කළා.
ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නො හැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බව යි.
මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ මස 09 වැණි දා පැවැත්වීමට නියමිත ව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනි දා දක්වා කල් දමනු ලැබුවා.