පනාගොඩ කඳවුරෙන් ආයුධ සොරා ගැනීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

පනාගොඩ යුධ හමුදා කඳවුරේ සෙබළෙකුට අයත් ටී 56 ගිනි අවියක් සහ පතරොම් 90ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 30ක් වන හිටපු යුද හමුදා සෙබලෙකු සහ අවුරුදු 36ක් වන යුධ හමුදා සැරයන්වරයෙක්.
අදාළ සැරයන්වරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ ටී 56 ගිනි අවිය සහ පතරොම් තොගය සොයා ගෙන තිබෙනවා