නීති විරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ 17ක් අත්අඩංගුවට

අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගත වීම සදහා නිවසක රැදි සිටි 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත ඊයේ (15) රාත්‍රියේ සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකුවිල් ස්විස් ගම්මානයේ පිහිටි නිවසක සිටිය දී යි.

මුලතිව් ප්‍රදේශයේ කාන්තාවන් 5 දෙනෙකු, ගැබිනි කාන්තාවන් 3 දෙනෙකු, කුඩා ළමයින් 3 දෙනෙකු පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සහ නිවසක් කුලියට ගැනීමට උපකාර කළ පුද්ගලයෙකු ඒ අතර වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *