Tik-Tok

FILE PHOTO: TikTok app logo is seen in this illustration taken, August 22, 2022. REUTERS/Dado Ruvic/Illustration

කැනඩා රජය මඟින් නිකුත් කර ඇති සියලු ම උපාංගවලින් ටික්-ටොක් යෙදවුම තහන්ම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නො හැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව කැනඩාව පවසන අතර, ඇමරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් සේවකයන්ට පසුගිය වසර අගභාගයේ දී ටික්ටොක් භාවිතය තහනම් කළා.

මේ අතර, පසුගිය සඳුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සඳහා දින 30ක කාලයක් ද ලබා දී තිබුණා.

මීට අමතර ව යුරෝපා කොමිසමේ සේවකයන් සඳහා ද මාර්තු මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *