අවුරුදු 5ක් තුළ කුඹුරු අක්කර 47,000ක් පුරන් වෙයි

පුරන් කුඹුරු

අවුරුදු 05කට ආසන්න කාලයක් තුළ දී වගා නොකර අතහැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, එහි වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 430ක් වෙන් කර ඇති බවයි.

මේ වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.

මේ වන විට වගා නොකර අත්හැර දමා ඇති වගා කළ හැකි පුරන් කුඹුරු වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *