බුත්තල සහ වැල්ලවාය භූ චලන ගැන විශේෂ අධ්‍යයනයක්

බුත්තල සහ වැල්ලවාය

බුත්තල – වැල්ලවාය ප්‍රදේශවල ඊයේ සහ පසුගිය දිනවල ඇතිවූ භූ චලන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු කියා සිටියේ අතීතයේ සිදුව ඇති භූ චලන මෙන්ම මෑතකාලයේ මෙරට ඇති වූ භූ චලන සිතියම් ගතකොට මෙම අධ්‍යයනය සිදුකරන බවයි.

ඊයේ දිනයේ බුත්තල – වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශයේ සුළු භූ චලනයක් වාර්තා වී තිබුණා.

එහි විශාලත්වයේ අගය රිච්ටර් පරිමාණයේ ඒකක 3.3ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *