බිත්තර ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කෙරෙයි

බිත්තර

බිත්තර ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල දක්වා අඩු කර තිබෙනවා.

මුදල් හා ආර්ථික ස්ථිායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ආමත්‍යාංශය සඳහන් කළේ, පෙබරවාරී 21 වනදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමේ මෙම බද්ද අඩු කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද බිත්තර මිලියන 2ක තොගයක් සහිත නෞකාවක් මේ සති අන්තයේ දිවයිනට ලඟා වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *