පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදා හැරීමේ සමාරම්භක උත්සවය අද

පාසල් නිල ඇඳුම්

2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, සපුගස්කන්ද පී.එෆ්. පෙරේරා ගබඩා සංකීර්ණයේ දී මෙම කටයුතු සිදු වන බවයි.

ඊට චීන තානිපති ෂී ෂැං හොංග් ඇතුළු පිරිසක් එක්වීමට ද නියමිතයි.

පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවය සියයට 70ක් චීනයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *