ජපානයේ වෙරළකට විශාල ලෝහමය ගෝලයක් ගොඩ ගසයි

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය ගෝලයක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් වාර්තා කළා.
මීටර 1 දශම 5ක් පමණ පළල මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති බවයි ජපාන වාර්තා පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.
එරට බලධාරීන් ප්‍රකාශ කළේ, එම ලෝහමය ගෝලය මුහුදු තීරයෙන් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.