ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් පලස්තීනුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පලස්තීනුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පලස්තීනයේ – නබ්ලස් ප්‍රදේශයේ දියත් කළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදු කළ බව යි.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර කුඩා දරුවන් ද වනවා.