වනිඳුට පාකිස්ථාන සුපර් ලීගය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව මේ වනවිට තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමට අපේක්ෂිතයි.
වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වනිදු මෙම තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.