මෛත්‍රීගේ අභියාචනා පෙස්සමේ තීන්දුව ලබන පළමු වැනි දා

මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහි ව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහි ව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස යි.

කෙසේ වෙතත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 01 වනදා දක්වා කල්තබන බවයි බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයා අද අධිකරණය හමුවේ පවසා සිටියේ.

මෙරට හා විදෙස් බුද්ධි අංශ විසින් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු සපයා තිබිය දීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහි ව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *