භික්ෂු බලමණ්ඩල විරෝධයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට විවෘත කරන ලෙස ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් මෙම විරෝධතාවය සහ සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණා.
එහිදී සත්‍යග්‍රහය සඳහා තාවකාලික අට්ටාලයක් හෝමාගම පිටිපන මංසන්ධියේ ඉදිකිරීමට සූදානම් වීමේදී අද දහවල් පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
පසුව විරෝධතාවයේ නිරත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරතවුණා.
අනතුරුව් පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.