ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්ට මනී ඕඩර්

මැතිවරණය

පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මනි ඕඩර් යැවීමේ සිද්ධියක් වාර්තා වනවා.

අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේ දී එම අවස්ථාව පැවැත්වුණු බව යි වාර්තා වන්නේ.

මෙහි දී පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් සියයේ සිට රුපියල් පන්සියය දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදු වුණු බව සඳහන්.

එම පිරිස පවසා ඇත්තේ මැතිවරණය යනු, ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බව යි.

එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැක දීම රජයේ වගකීමක් වන බවත් එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් එම අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමන් විසින් ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කල බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *