සජබෙට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව විරෝධය දක්වමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාවට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ටෙක්නිකල් මංසන්ධිය අසල දී විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සඳහා නන් දෙසින් පැමිණි සමගි ජන බලවේගයේ ආදාරකරුවන් සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටියා.
මෙම විරෝධතා පාගමන මරදානෙන් ආරම්භ වී ටෙක්නිකට් හන්දිය හරහා කොළඹ කොටුව දෙසට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ දී යි මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණේ.
මේ අතර අදාල විරෝධතාව වලක්වන ලෙස නියෝගයක නිකුත් කරන්නැයි ඉල්ලමින් පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස අධිකරණය සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද (20) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙසයි.