මහ කන්නයට පෙර මිණිපේ වම් ඉවුරේ වැඩ අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඊයේ (19) පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියා.
ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව එහි දී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාවක් ඇති අතර මිණිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල – මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාව ලැබෙන අතර එයින් ගොවි පවුල් සංඛ්‍යාව 15,000කට සෙත සැලසෙනවා.