පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම අධිකරණයට දන්වයි

එළඹෙන මාර් තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දුෂ්කර වී ඇති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
කෙසේ නමුත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේ පොරොන්දු වූ දිනට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි.