දහම් පාසල් ගුරු විභාගය සඳහා අයදුම්පත් කැඳවයි – විභාගය ජුනි 17

දහම් පාසල් ගුරු විභාගය

මෙම වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් කැඳවා තිබෙනවා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ගුරු විභාගය මෙම වසරේ ජුනි මස 17 වැනි දින පැවැත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව විභාග මධ්‍යස්ථාන 25ක දී අදාළ විභාගය පැවැත්වෙනු ඇති.

මෙම විභාගයට පෙනී සිටීමට නම් මෙම වසරේ මාර් තු 15 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙස දැනුම්දී ඇති අතර, ඉදිරිපත්වන්නන් වයස අවුරුදු 18ට වැඩි වීම මූලික සුදුසුකම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *