චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ භාරගනී

චන්දික හතුරුසිංහ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ අද (20) සිට යළිත් වැඩභාර ගනු ලැබුවා.

ඒ, හිටපු පුහුණුකරු රසල් ඩොමින්ගෝගේ හදිසි ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහායි.

වසර දෙකක කාලයක් සදහා චන්දික හතුරුසිංහ කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති අතර, ලබන මාර් තු පළමු වනදා ආරම්භ වන එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය ජයගැනීම ඔහුගේ පළමු වගකීම බවට පත්ව තිබෙනවා.

මීට පෙර බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකාරිත්වයේ කටයුතු කළ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *