උසස් පෙළ ප්‍රතිඵල ජූනි මස අවසානයේ

උසස් පෙළ

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අයදුම් නොකිරීම ගැටලුකාරි තත්ත්වයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන් මෙලෙස අයදුම් කිරීම අවම වී ඇත්තේ දෛනික දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන්. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට ලැබෙන රුපියල් 500 ක දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා එම දීමනාව රුපියල් 3000 ක් දක්වා ඉහළ නැංවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා.

ගුරු සංගම් පවසන්නේ එය පොරොන්දුවලට පමණක් සීමා නොකර චක්‍රලේඛයක් ලෙස නිකුත් කළ යුතු බවයි.

මේ අතර රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ අවසන් අදියර අද ආරම්භ වුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවයින පුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *