ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම්

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ දැනුම් දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
මෙම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමටයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.
ඒ අනුව, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක, එම තනතුරේ සිට බස්නාහිර පළාත (රථවාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.
බස්නාහිර පළාත (රථවාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ජී.අයි.ඩී.ආර් විජේසිංහ එම තනතුරේ සිට මාරු කර ඇත්තේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.
එමෙන්ම, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යූ සරත් කුමාර එම තනතුරේ සිට බස්නාහිර පළාත (අපරාධ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.