රබර් ආනයනයට සීමා

මින් ඉදිරියට රබර් අමුද්‍රව්‍යයක් ලෙස ආනයනය කිරීමේදී අනිවාර්යයෙන් පූර්ව අනුමැතියක් ලබාගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
දේශීය රබර් මිල පහත වැටීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඊට අදාළව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක්ද පැවැත්වුණු බව ද ඔහු සඳහන් කළා