යාපනයේ නව නගරාධිපතිගේ අයවැය යෝජනාව පරාදයි

යාපනය මහ නගරසභාවේ නව නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ 2023 වර්ෂය සදහා වූ අයවැය යෝජනාව පරාජය වී තිබෙනවා.
අදාල අයවැය යෝජනාව ඡන්ද 8කින් පරාජයට පත් වූ අතර ඡන්දය විමසන අවස්ථාවේ දී සභාව තුළ සිටි මන්ත්‍රීවරු 40 දෙනා අතරින් 24ට 16 ලෙස වැඩි ඡන්ද 8කින් නව නගරාධිපතිවරයාගේ අයවැය යෝජනාව පරාජයට පත්ව තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීට පෙර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී යාපනය මහ නගර සභාවේ 2023 වසර සදහා වූ අයවැය යෝ ජනාවලිය සභා වට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම වාර්තා ව පලමු වර වැඩි ඡන්ද 7 කින් පරාජයට පත් වී තිබුණා.
කෙසේ නමුත් දෙවන අවස්ථාවේ කියවීමක් ඉල්ලා සිටියද ඊට අකැමති වූ එවක නගරාධිපති එස්.මනිවන්නන් සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.
අනතුරුව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්දයට මන්ත්‍රීවරු සහභාගි නොවූ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා ඔහුට ඇති බලතල ප්‍රකාරව එමානුවල් ආර්නෝල්ඩ් ව නගරාධිපති ධුරය පත් කෙරුණා.
එස්.මනිවන්නන්ට පෙර යාපනය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා එමානුවෙල් ආර්නෝල්ඩ් විසින් සභාවට ඉදිරිපත් කරන ලද 2023 අයවැය
යෝජනාවලිය පරාජය වීමෙන් අනතුරුව නගරාධිපති නගරාධිපතිවරයා ගන්නා තීරණය මෙතෙක් හෙළි කොට නැහැ.