මාවනැල්ල ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙක්

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ෂන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන්ගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (14) නිකුත් කර ඇත්තේ එම ධුරයේ කටයුතු කිරීම සඳහා එහි උප සභාපතිවරයාට බලය පවරමින්.

ඊට අමතරව රාජකාරී කටයුතු කිරීමේ දී සභාපතිවරයා වැරදි සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විශ්‍රාමික මහධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත් කර තිබෙනවා

මේ අතර මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් තාවකාලිකව ඉවත් කර එහි උප සභාපතිවරයා එම තනතුරට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *