මහ කන්නයේ වී මිල දී ගැනීම අද සිට

මහ කන්නයේ වී මිල දී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම කටයුතු සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණයෙන් 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100ට මිලදී ගැනීම සිදුකරනු ලබනවා.
එමෙන්ම තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 88කට මිලදී ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.