භූ කම්පනයේ මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි

තුර්කිය

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *