ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදයි

ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට (13) යෙදී තිබෙනවා.
යුනෙස්කෝ සංවිධානය මෙවර ලෝක ගුවන් විදුලි දිනයේ තේමාව ලෙස නම් කරඇත්තේ ගුවන් විදුලිය සහ සාමයයි.
ශබ්දය විද්‍යුත් තරංග බවට පත් කරමින් රසිකයන් සහ ශ්‍රාවකයන් බිහිකරන ලද්දේ ගුවන් විදුලිය විසින්.
අන් සියලු මාධ්‍යයන්ට වඩා තවමත් ශ්‍රාවකයන් අතර ඉහළම තැන රැඳී සිටින්නේ ගුවන් විදුලියයි.
කිසිදු මිල අධික අන්තර්ගතයක් හෝ වීඩියෝ ග්‍රහණයක් භාවිතා නොකර, විනෝදාස්වාදය, දේශීය පුවත්, ක්‍රීඩා යාවත්කාලීන කිරීම්, සාකච්ඡා, විශිෂ්ට සංගීතය සපයන එකම විකාශන මාධ්‍යය රේඩියෝව වන අතර එය අලෙවිකරණය සඳහා ඵලදායී මාර්ගයක්.
රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි, ගුවන්විදුලියේ නිර්මාතෘවරයායි.