ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා පළුදුවීමට ඉඩ දෙන්නේ නෑ – අලි සබ්‍රි

චීනය, ශ්‍රී ලාංකිකයන්ගේ මිතුරෙකු බවත්, ඔවුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක ඉන්දියාව සමඟ පවතින සබඳතා පළුදු වීමට ඉඩ නොතබන බවයි විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොචි හි දී උත්සවයකට සහභාගීවීමෙන් පසු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.
මෙහිදී විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ ශක්තිමත් බැඳීමක් බවයි.
එය ශිෂ්ඨාචාරයේ කොටසක් බව ද ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක් ශ්‍රී ලංකා භූමියේ සිදු වීමට ඉඩ නොදෙන බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.