යුක්රේන ජනපතිගෙන් 2024 ඔලිම්පික් තරගාවලියට කොන්දේසි

වොලඩිමියර් සෙලෙන්ස්කි

රුසියානු ක්‍රීඩකයන්ට 2024 ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමට ඉඩ ලබාදීම යම් අයුරකින් ත්‍රස්තවාදය පිළිගැනීමක් බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

මේ සම්බන්ධයෙන් තමන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ටද දැනුම්දී ඇති බවයි වීඩියෝ පටයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ.

2024 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ප්‍රංශය දරණ අතර, එය ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිතයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේ රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලේදී තම රට නියෝජනය නොවන ලෙස තරගවලට සහභාගිවීමට අවස්ථාව සළසන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ට එලෙස අවස්ථාව ලබාදෙන්නේ නම් තමන් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරන බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *